0

කුලියාපිටිය බුලත් වගාකරුවන් පිරිසක් විරෝධතාවක

කුලියාපිටිය බුලත් වගාකරුවන් පිරිසක් කුලියාපිටිය නගරයේ විරෝධතාවක නිරත වූහ. බුලත් සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස ත් වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දෙන ලෙසත් ඉල්ලා මොවුන් එලෙස විරෝධතාවේ නිරත වූ බව අප යූ රිපෝටර් වාර්තාකරු පැවසී ය.

0

නාරම්පනාවේ මාර්ගයක් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක

මහනුවර නාරම්පනාව ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.අප යූරිපෝටර් වාර්තාකරු පැවසුවේ, නාරම්පනාව 623/1 මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ජනතාව එලෙස විරෝධතාවේ නිරත වූ බවයි.

0

රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට .

යාපනය – මහනුවර ඒ 9 මාර්ගයේ වනමල් උයන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා.මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරෙන් රියදුරු තුවාල ලබා මරදන්කඩවල ප්‍රාදේශීය… Continue Reading

0

දිවයිනේ සියලු පාසල් කේන්ද්‍ර කර ගනිමින් අද සිට දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනක්

දිවයිනේ සියලු පාසල් කේන්ද්‍ර කර ගනිමින් අද සිට දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කුලියාපිටිය ශ්‍රීපති රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් හා දෙමව්පියන් එක් ව පාසල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

0

විරෝධතාවක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් අවහිර වේ .

උමා ඔය ව්‍යාපෘතියෙන් තමන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත සිටිනවා . විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බධා සිදු ව තිබෙනවා . අද උදැසන අලුත්ගම ප්‍රදේශයේදී ද පිරිසක් මෙලෙස විරෝධතාවක නිරත විය .

0

උමා ඔය ව්‍යාපෘතියෙන් තමන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා බණ්ඩාරවෙල, අලුත්ගම ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධතාවක

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශ වාසීන් පිරිසක් විරෝධතාවක නිරත වී සිටිනවා. ඔවුන් මෙලෙස විරෝධතාවක නිරත වන්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් තමන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලමින්.

0

කුලියාපිටිය දණ්ඩගමුවේදී යතුරු පැදියක් ත්‍රී රෝද රථයක ගැටේ .

පන්නල කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ දී පන්නල දෙසට ගමන්ගත් ත්‍රී රෝද රථයකට පිටු පසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පලා ගිය සැකකරුවෙකුට වෙඩි ප්‍රහාරයක්.

අද උදැසන අත්තනගල්ල අධිකරණ පරිශ්‍රයෙන් පලා යෑමට උත්සාහ කළ රැඳවියෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා . වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා රෝහල් ගත කර තිබේ.

0

අකුරැස්ස ප්‍රධාන මාර්ගයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටේ.

මාතර – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කිරිමැටිමුල්ල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු විය. එක් යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා යාමෙන් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටුණු අතර යතුරු පැදි කරුවන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.