0

මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ලක කොටසක් ,රියදුරන් දැඩි අපහසුතාවයට.

මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ඨ වන කෑගල්ල විකල්ප මාර්ගයයි.මාර්ගයේ ඉදිරියෙන් වංගු සහිත ස්ථානය අසළ මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ලක කොටසක් තිබීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් දැඩි අපහසුතාවයට පත් ව තිබෙනවා .අප යුරිපෝටර් සඳහන් කළේ මෙහි අවදානම පිළිබද පුවරු සවිකර තිබුනත්… Continue Reading

0

වව්නියාව කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී සිදුවූ ලොරි රථ අනතුරෙන් අයෙක් මරුට .

වව්නියාව, කළුකුන්නම්මඩුව ‍ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගය අසල නවතා තිබූ උළු පැටවූ ලොරි රථයක මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා තිබූ රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා .අනතුරෙන් නවතා තිබූ ලොරි රථය පෙරළී ගොස් ඇති අතර අනතුරෙන් එක් අයෙකු… Continue Reading

0

කහවත්ත ඇන්දාන මාර්ගයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටේ.

කහවත්ත – ඇන්දාන මාර්ගයේදී රිය අනතුරක් සිදු වුණා.මෙහිදී ලොරි රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වුණා. අනතුරින් එක් අයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.මෙම අනතුර සිදු වුණු අවස්ථාවේදී මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු වුණා.

0

කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරළී යයි.

කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා.මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් පාලමක ගැටී පාර හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා.අනතුර සිදු වූ අවස්ථාවේ මාර්ගයේ වාහන තද බදයක් ද ඇති වුණා.

0

පදික මාරුව මතදී කාන්තාවක් අනතුරට ලක් කළ නොසැලකිලිමත් රිය ධාවනය (#CCTV දර්ශන)

මාතර – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හිත්තැටිය ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි ජීප් රථය, පදික මාරුව හරහා ගමන්ගත් කාන්තාවගේ ගැටීමෙන් අනතුර සිදුවුණා. අප වාර්තාකරු පැවසුවේ බරපතල තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි

0

සාධාරණ මිලක් නොලැබීමෙන් ලූනු ගොවීන් අසීරුතාවක .

සීගිරිය පොල්ඇත්තෑව ප්‍රදේශයේ වැඩි පිරිසක් ලූනු වගා කිරීමේ නිරත වෙනවා.මේ ප්‍රදේශය මෙන්ම දඹුල්ල අවට ගොවීන්ද ප්‍රධාන වශයෙන් ලූනු වගා කරනවා .එහෙත් මේ ගොවීන් පෙන්වා දෙන්නේ තමන් දැඩි අසීරුතාවයට පත් ව ඇති බවයී.

0

ගම්පහ, ඔරුතොට මාර්ගයේදී ලොරි රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් රථය අනතුරක.

අද අලුයම 5ට පමණ ගම්පහ ඔරුතොට මාර්ගයේ මුදුන්ගොඩ ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු ව තිබෙනවා . මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අසළ තිබූ නිවසක තාප්පයක ගැටී මෙම අනතුර සිදු වුණා

0

නුවරඑළියේදී වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටේ.

අප නිව්ස්ෆස්ට් යුරිපෝටර් සඳහන් කලේ වැලිමඩ දෙසින් පැමිණි ලොරි රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මේ හේතුවෙන් වාහන දෙකටම දැඩි හානි සිදු වී කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.අනතුර සිදු වන විට මාර්ගයේ දැඩි මීදුම්… Continue Reading

0

අකුරැස්ස පස්ගොඩ මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක

අප යූරිපෝටර් වාර්තාකරු පැවසුවේ පිටබැද්දර, දෙහිගස්ප රජයේ බෙහෙත් ශාලාවේ සේවය කළ වෛද්‍යවරයාගේ හදීසි ස්ථාන මාරුවට විරෝධය පල කරමින් ප්‍රදේශවාසීන් මෙම උද්ඝෝෂණය පැවැත් වූ බව ය.මෙම විරෝධතාවය හේතුවෙන් අකුරැස්ස – පස්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර විය.