0

වව්නියාවේ මාරක අනතුරක් : සිව් දෙනෙක් රෝහලේ

අද පස්වරුවේ වව්නියාව මුන්ඩිමුරුක්කුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.වව්නියාව සිට අනුරාධපුර දක්වා පැමිණෙමින් තිබූ ලොරි රථයක් අනුරාධපුර සිට වව්නියාව බලා යමින් තිබු වෑන් රථයක ගැටී මේ අනතුර සිදුව ඇත.වෑන් රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු ඇතුළු තුවාල ලැබු සිව්දෙනෙකු වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ එහිදී බරපතළ තත්ත්වයේ පසුවු රියැදුරු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

PHOTOS – ඉසුරු සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *