0

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කන්නන්තොට ප්‍රදේශයේදී සිදු වූ ත්‍රී රෝද රථ අනතුර.

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කන්නන්තොට ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු වුණා.අනතුරින් රියදුරු තුවාල ලබා තිබෙනවා .

0

මාර්ගයට අවදානමක් ගෙන දෙන විදුලි පහන් කණුව.

හම්බන්තොට මත්තල මාර්ගයේ සිරිබෝපුර ප්‍රදේශයේ මාර්ගය මැද සවි කර ඇති විදුලි පහන් කණුවක් මෙලෙස අනාරක්ෂිත ලෙස මාර්ගයට පහත් වී තිබෙනවා.දින කිහිපයකට පෙර රිය අනතුරකින් විදුලි පහන් කණුවට හානි සිදු වී තිබෙන අතර Ureporter -සමාජික සඳුන් පුංචිහේවා පැවසුවේ මෙය මාර්ගයට දැඩි… Continue Reading

0

කුලියාපිටිය මීගහකොටුව ප්‍රදේශයේ ඇල මාර්ගයක මළ සිරුරක්.

අද උදැසන කුලියාපිටිය මීගහකොටුව ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් .මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කුලියාපිටිය පොලීසිය මගින් සිදු කරනවා.

0

තඹුත්තේගම ගලගෙදර ප්‍රදේශයේ නිවසක වයස්ගත කාන්තාවගේ ම‍ළ සිරුරක් .

තඹුත්තේගම ගලගෙදර ප්‍රදේශයේ නිවසක තිබී ඝාතනය කළ බවට සැකකෙරෙන වයස්ගත කාන්තාවගේ ම‍ළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ, මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 90 ක් පම‍‍ණ කාන්තාවක් බවයි.ලද තොරතුරක් මත අද උදෑසන මළ සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

0

අවිස්සාවේල්ල පිටදෙනිය ප්‍රදේශයේදී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට .

අද උදැසන අවිස්සාවේල්ල පිටදෙනිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වූණා. මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා .

0

මන්ත්‍රී විමලවීර දිසානායක ගමන් ගත් මෝටර් රථයේ යතුරු පැදියක් ගැටී පුද්ගලයෙකු මරුට.

අම්පාර, කරංගාව ප්‍රදේශයේදි අද අලුයම එම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මෝටර් රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා ගමන් කරමින් සිට ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.

0

වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ ත්‍රී රෝද රථය බස් රථයක ගැටේ.

මාතලේ උකුවෙල වත්තේගම මාර්ගයේදී මෙම අනතුර සිදු වුණා. මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදු වූ අතර අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

යටියන්තොට, රන්පවුම්ගමදී ලොරි රථයක් ප්‍රපාතයකට.

යටියන්තොට, පරුස්සැල්ල රන්පවුම්ගම මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් ලොරි රථය මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුර සිදු වූ අතර ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

පැය කිහිපයකට කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර වුණු ගොවි විරෝධතාව.

රජාංගනය ජලාශයේ පෝෂක ප්‍රදේශයේ රොන්මඩ ඉවත් කරන මුවාවෙන් වැලි ජාවාරම් සිදුකරන බවට පවසමින් ගොවි සංවිධාන කිහිපයක ආරම්භ කල විරෝදතාව අවසන් කර තිබෙනවා.Ureporter – සමන්ත ධර්මකීර්ති සදහන් කලේ මේ හේතුවෙන් පැය 3 පමණ කාලයක් අනුරාධපුර කුරුණැගල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා… Continue Reading

0

තිරිංග ක්‍රියාත්මක නොවුණු ත්‍රී රෝද රථය තවත් ත්‍රී රෝද රථයක ගැටේ .

A- 9 මාර්ගයේ වරකාමුර ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් අතුරු මාර්ගයට හැරවීමේ දී ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා .මෙම අනතුර සිදු වී ඇත්තේ ත්‍රී රෝද රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉදිරියෙන් පැමිණි… Continue Reading