0

ළිඳට වැටුණු හඳුන් දිවියා වනජිවී ඒකකයේ මැදිහත් වීමෙන් යළි කැළයට

මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකට වැටී සිට හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් දැක පසුව අනුරාධපුර වනජිවී ඒකකය දැනුවත් කර තිබෙනවා .පසුව වනජිවී නිළධාරීන් පැමිණ හඳුන් දිවියා විල්පත්තු රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා .

0

කුරුණෑගල, කිවුල්ගල්ල ප්‍රදේශයේදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටේ.

කොළඹ කුරුණෑගල මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව තිබෙනවා .අනතුරින් බස් රථයේ සිටි කිහිප දෙනෙකුට සුළු තුවාල සිදු ව තිබෙනවා .

0

මාතලේ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ වල්ලිවල ප්‍රදේශයේදී ලොරි රථයක් හා බස් රථයක් ගැටී තිස් දෙනෙකු රෝහලේ .

මාතලේ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා .ලොරි රථය මාර්ගයේ ගමන් ගත් තවත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේ දී බස් රථයක ගැටී තිබෙනවා .අනතුරින් තුවාල ලැබූ තිස් දෙනෙකු පමණ මාතලේ… Continue Reading

0

අනු නමයෙන් බේරුණු බවුසර් වෙට්ටුව

බණ්ඩාරවෙල – බදුල්ල මාර්ගයේ මෝටර් රථ රියදුරුගේ අවධානය හේතුවෙන් සිදු වීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ මෙම දර්ශන පෙළ අප වෙත යොමු ක‍ළේ Ureport සමාජික නිමල් ඉලන්කෝන්

0

සුන්දර නුවරඑළියේ අසුන්දර අපද්‍රව්‍ය කළමනාකරණය

කඳපොල රාගල මාර්ගයේ කඳපොල නගරයට ආසන්නව මාර්ගය අසළ කැළි කසළ එක් වතිබෙන ආකාරය යි. මෙලෙස අක්‍රමත්ව කැළි කසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය අවට දුර්ගන්ධයක් ද පවතිනවා . මාර්ගය භාවිතා කරන්නන් පවසන්නේ ක්‍රමවත්ව කැළි කසළ බැහැර කරන ලෙසටයි.

0

රෝගියෙකු රැගෙන යමින් සිටි වෑන් රථයක් අනතුරකට ලක් වෙයි

අද උදැසන 8ට පමණ මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හිත්තැටිය ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණා.ඒ අසාධ්‍ය රෝගියෙක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකි නෙක ගැටීමෙන් අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදු වී නොමැති අතර වෑන් රථයේ රැගෙන ආ රෝගියා… Continue Reading

0

රියැදුරුගේ පාලනයෙන් මිදුණු වෑන් රථය පොල් වත්තකට

අද උදැසන හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොක්කාවිල ප්‍රදේශයේදී කුරුණෑගල දෙසින් පැමිණි වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරට ලක් වුණා .මෙම අනතුරින් රියදුරු තුවාල ලබා හලාවත මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා .

0

තෙල්දෙනියේදී මග වැරදුණු මෝටර් රථය මග සිටි තිදෙනෙකුට මරු කැඳවයි

තෙල්දෙණිය, ගෝනවල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.අප වාර්තාකරු සඳහන් කළේ, මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද උදෑසන යතුරු පැදියක ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරට පත් මෝටර් රථය මාර්ගය අසල… Continue Reading

0

අකුරු කරන්නට මඟ පෙන්වූ ගුරු භවතුන්ට ආදී සිසුන්ගෙන් ගුරු උපහාර

පන්නල, සඳලංකාව මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුන් මෙල‍ෙස අද තම පාසල් ජීවිතයේ අකුරු කරන්නට ගුරු හරුකම් ලබා දුන් මේ දක්වා විශ්‍රාම ගත් ගුරු භවතුන් 100කට වැඩි පිරිසකට උපහාර දැක්වීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා.විශේෂයෙන් මේ අතර පාසල ආරම්භක සමයේ සිටි ගුරුවරුද උපහාර… Continue Reading

0

මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු නොවීමෙන් ගමනාගමනයට බධා

කටුගස්තොට – මඩවල මාර්ගයේ නවයාලතැන්න ප්‍රදේශයයි .මෙම ස්ථානයේ මාස 3ක කාලයක සිට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු නොවීමෙන් රථ වාහන රියදුරන් මෙන්ම මගීන් ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා .ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි .