අද උදෑසන 10ට පමණ රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු අනතුරකට ලක් වුණා.වව්නියාව සිට මාතර බලා ධාවනය වූ දුම්රියට දුම්රිය මාර්ගය ආසන්නයේ රැදී සිටි පුද්ගලයෙකු දුම්රියේ වැදීම හේතුවෙන් මෙම අනතුර සිදු වුණා . අප යුරිපෝටර් අසංක මල්දෙණිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කිරීමට අසළ පිරිස කටයුතු කළ බවයි