0

අරණායක,හත්ගම්පළ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ අනතුරින් අයෙක් මරුට.

අරණායක ,හත්ගම්පළ ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් රථය පෙරළී ගොස් තිබෙනවා .අනතුරින් රථයේ ගමන් ගත් එක් අයෙකු මිය ගොස් තිබෙනවා .

0

පුවක් කොට මතින් එගොඩ යන ගම් දෙකක ජනතාව

මේ නෙළුව කඩිහින්ගල වාඩිමුල්ල යන ගම් දෙක යා කෙරෙන පුවක් කොට යොදා තැනූ පාලමයි .ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ පාලමක අවශ්‍යතාව බෝහෝ කාලයක සිට තිබෙන බවයි. කඩිහින්ගල,වාඩිමුල්ල,අරංගහතැන්න ප්‍රදේශ කිහිපයක ජනතාව මෙමගින් තම ගමනාගමන කටයුතු සිදු කරනවා .මේ ප්‍රදේශ වලට යාමට වෙනත්… Continue Reading

0

හලාවත,මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටේ  

අද උදැසන හලාවත කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා .හලාවත දෙසින් පැමිණි ලොරි රථය අපරික්ෂාකාරිව හැරවීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් 4 දෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහල වෙත ඇතුලත්… Continue Reading

0

කලාවැව පුලියන්කුලම පාළු ළිඳෙන් ගල් ඉබ්බන් 14ක් ගොඩ ගැනේ

කලාවැව පුලියන්කුලම ප්‍රදේශයේ පාළු ළිඳකට වැටී සිටි ගල් ඉබ්බන් 14 දෙනෙකු බේරා ගෙන තිබේ.වනජීවි නිලාධාරීන් විසින් බේරා ගනු ලැබූ ගල් ඉබ්බන් පසුව කලා වැවට මුදා හැර ඇත.ප්‍රදේශවාසියෙකු අදාළ ගල් ඉබ්බන් පළු ළිඳට වැටී සිටිනු දැක ඇති අතර පසුව ඒ පිළිබඳව ගනේවල්පොල… Continue Reading

0

අම්පාර වීරගොඩ ප්‍රදේශයේ ජනතාවට වන අලින්ගෙන් පීඩා.

මෙම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙලෙස වන අලින් ගම් වැදීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි අප යුරිපෝටර් සඳහන් කළේ අද අලුයම පැමිණි වන අලින් නිවසකට හානි කර ඇති බවයි .

0

අහංගම පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

අහංගම, පෑලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, තවත් අයෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි.තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

0

කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදී මාර්ගය හරහා ලොරි රථයක් පෙරළී යයි.

කුලියාපිටිය කුරුණෑගල මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා.මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් පාලමක ගැටී පාර හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා.අනතුර සිදු වූ අවස්ථාවේ මාර්ගයේ වාහන තද බදයක් ද ඇති වුණා.

0

මෙ අනාරක්ෂිත බව අනතුරකට අත වැනීමක් ද ?

බදුල්ල කයිලගොඩ මං සන්ධියේ පිහිටා ඇති මෙම විදුලි ට්‍රාන්ස්ෆෝමරයෙන් ප්‍රදේශ රැසකට විදුලිය බෙදා දීම සිදු වනවා.මගීන් පාසල් ළමුන් නිතර ගැවසෙන මෙම ස්ථානයේ පිහිටා තිබෙන විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසළ විදුලි පරිපථ විවෘත ලෙස පැවතීම අනාරක්ෂිත නිසා අනතුරක් සිදු වීමට ඇති ඉඩ කඩ… Continue Reading

0

හලාවත කුරුණෑගල මාර්ගයේ කොකාවිල ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටේ.

මෙම අනතුර සිදු ව තිබෙන්නේ යතුරුපැදි කරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදු වුණා.හලාවත – කුරුණෑගල මාර්ගයේ සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදි කරු බරපතළ තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.