0

කොළඹ බදුල්ල මාර්ගයේ බෙරගල ප්‍රදේශයේදී පස් කන්දක් නාය යෑමෙන් අවහිර වූ මාර්ගය යථා තත්ත්වයට

අද අලුයම පස් කන්ද කඩා වැටීමෙන් කොළඹ බදුල්ල මාර්ගයේ බෙරගල ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වුණා .මේ වන විට අවහිර වු මාර්ගය යථා තත්ත්වයට පත්කර තිබෙනවා .

0

යාංගල්මෝදරදී ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මරුට .

කොළඹ කුරුණෑගල මාර්ගයේ යාංගල්මෝදර ප්‍රදේශයේදී අද පස්වරු 1.30 ට පමණ ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා .අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදී ම මිය ගොස් තිබෙනවා .

0

අතුරුදන්ව සිටි 86 හැවිරිදි කාන්තාවකගේ මල සිරුරක් තිහගොඩ ඇලකින් සොයා ගනී

අතුරුදන්ව සිටි 86 හැවිරිදි කාන්තාවකගේ මල සිරුරක් අද උදෑසන 8ට පමණ මාතර, තිහගොඩ කොමන්ගොඩ ඇලේ තිබී සොයාගෙන තිබේ.ඇය ඊයේ දිනයේ සිට අතුරුදන්ව සිටි බවට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබේ.වැඩිදුර පරීක්ෂණ තිහගොඩ පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

0

වසර ගණනාවකින් පිළිසකර නොවූ මිරිස්ස, නුගගහහේන මාර්ගය අබලන් වීමෙන් ජනතාවට දුෂ්කරතා

මේ ඔබ දකින්නේ මිරිස්ස බණ්ඩාරමුල්ල නුගගහහේන ගම්මානයට පිවිසීමට ඇති එකම මාර්ගයයි .පසු ගිය සුනාමි ව්‍යසනයෙන් තම නිවාස අහිමි වූ විශාල පිරිසක් මෙම ගම්මානයේ ජීවත් වෙනවා .මෙම මාර්ගය වසර 13 කින් පිළිසකර කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා මෙය පිළිකසර කර… Continue Reading

0

මාතලේ බලකඩුවේදී රියැදුරුට නින්ද යාමෙන් ටිපර් රථය නවතා තිබූ බස් රථයක ගැටේ

මාතලේ බලකඩුව ප්‍රදේශයේදී අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වී තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් අසළ නවතා තිබූ බස් රථයක ගැටී මෙම අනතුර සිදු වුණා .අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැත .

0

මැදවච්චිය,ප්‍රබෝධාගමදී යතුරුපැදියක් හා ලොරි රථයක ගැටී යතුරුපැදිකරු මරුට

මැදවච්චිය, පූනෑව ප්‍රබෝධාගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.ඊයේ රාත්‍රී 7.45ට පමණ වව්නියා සිට මැදවච්චිය දෙසට ධාවනය වූ කම්බි රැගත් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා .යතුරුපැදිකරුගේ අනාරක්ෂිත රිය… Continue Reading

0

ප්‍රදේශ රැසකට යාමට ඇති උඩිස්පත්තුව මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා කළ විරෝධතාව

මහියංගනය මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා .ඒ ගම්මාන රැසකට පිවිසීමට ඇති උඩිස්පත්තුව මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලා මෙලස විරෝධතාවක නිරත වුණා .අප යුරිපෝටර් සාලින්ද දිසානායක සඳහන් කළේ උඩිස්පත්තුව,පොත්ගල්ගොඩ ,රේටියගම,රංගල යන ප්‍රදේශවලට යාමට ඇති මෙම මාර්ගය බෝහෝ… Continue Reading

0

ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පෙරළෙයි

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ යටිබේරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී තිබෙනවා .මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා .අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

පිටිගල – පැලවත්ත මාර්ගයේ ලොරි රථ දෙකක් ගැටී සිව් දෙනෙකු රෝහලේ .

අද අලුයම පිටිගල, පැලවත්ත මාර්ගයේ උහන්ඕවිට ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා .පැලවත්ත සිට පිටිගල දක්වා ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා .අනතුරින් කුඩා ලොරි රථයේ ගමන් ගත් තිදෙනෙකු හා… Continue Reading