0

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ වාරියපොළ ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට

මාර්ගයේ ගමන්ගත් ටිපර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරෙන් මාර්ගය අසළ නවතා තිබු වෑන් රථයකට හා කුඩා ලොරි රථයකට හානි සිදු ව තිබෙනවා.

0

බකමූණ – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ එලවනාකන්ද ප්‍රදේශයේදී ගස් කඩා වැටීමක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බධා සිදු වූ අයුරු

අද සවස 2.30ට පමණ බකමූණ හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ එලවනාකන්ද ප්‍රදේශයේදී ගස් කඩා වැටීමක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බධා සිදු වුණා .පැයකට පමණ ආසන්න කාලයක් දැඩි රථ වාහන තද බදයක් ඇති වූ අතර ඉන් පසු ප්‍රදේශවාසීන් එකතුව ගස් ඉවත් කිරිමෙන් යථා තත්ත්වයට… Continue Reading

0

මාතර,ගල්පමුණ -අකුරගොඩ මාර්ගය අබලන් වීමෙන් ගමනාගමනය දුෂ්කරතාවක

මාතර, ගල්පමුණ – අකුරගොඩ මාර්ගය පිළිසකර කිරීමේ වැඩ අතර මඟ නවතා දමා වසර කිහිපයක් ගත වී ඇති අතර මේ වන විට මාර්ගයේ ගමන් කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා .මාර්ගයේ අබලන් වි ඇති බවත් ගල් කුඩු… Continue Reading

0

කැලණිවැලි මාර්ගයේ කොට්ටාව හා මහරගම අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක් වීමෙන් දුම්රිය ධාවනයට බධා

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, පාදුක්ක සහ අවිස්සාවේල්ල සිට පැමිණෙන දුම්රිය ගමන් වාර 2ක් එලෙස අවලංගු කර ඇති බව ය. පෙරවරු 7.30ට පමණ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය පැවසුවේ ය.

0

කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ ජනතාවට වන අලින්ගෙන් පීඩා

අද අලුයම කහටගස්දිගිලිය, රන්පත්විල ප්‍රදේශයට පැමිණි වන අලින් වගාවන්ට හානි කර තිබෙනවා .ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙලෙස වන අලින් ගම් වැදීම හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත් ව ඇති බවයි .

0

මහ මඟ නිදැල්ලේ හැසිරෙන ගවයන් නිසා රිය ධාවනය අවදානමක

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, ඉඹුල්පේ, පඹහින්න යන ප්‍රදේශවල මාර්ගය ආසන්නයේ රැදි සිටින ගවයන් හේතුවෙන් රථ වාහන රියැදුරන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා .රියැදුරන් පවසන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි .

0

රියැදුරුට නින්ද ගිය ටිපර් රථය මාර්ගයෙන් ඉවතට

හබරණ – ත්‍රිකුණාමළය මාර්ගයේ අලුත්ඔය ප්‍රදේශයේදී ත්‍රිකුණාමළය දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියැදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරක් සිදු වුණා .අනතුරෙන් රියැදුරු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

දඔුල්ල ආර්ථික මධ්‍යස්ථාන භුමියේදී නිදා සිටි පුද්ගලයෙකුගේ මතින් ලොරියක් ගමන් කරයි (CCTV දර්ශන)

අද අළුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන භුමියේදී නිදා සිටි පුද්ගලයෙකු මතින් ලොරියක් ගමන් කිරිම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා .අප යුරිපෝටර් උපුල් කුමාර සඳහන් කලේ මෙලෙස මිය ගොස් ඇත්තේ වෙළඳ සලක සේවකයෙකු බවයි .

0

ඔබේ මෙහෙවරට, අපේ ප්‍රණාමය!

ශ්‍රී ලාංකික ඔබට නවමු අත්දැකීමක් එක් කරමින් පුරවැසි මාධ්‍ය සංකල්පය සඳහා මඟ විවර කරමින් 2013 පෙබරවාරි මස 14 වැනි දින පුරවැසි මාධ්‍ය සංකල්පය ජනතාකරණය කළෙමු . ශ්‍රී ලංකාවේ පළමු පුරවැසි මාධ්‍ය ජාලය ලෙස ඇරඹූ පුරෝගාමී මෙහෙවර අබියස අනුකාරකයින් අභිබවමින් 2018… Continue Reading

0

දඹුල්ල නගරයේ ප්‍රධාන මාර්ගය අසළ මළ සිරුරක් .

අප යුරිපෝටර් සඳහන් කළේ දඹුල්ල නගරයේ ප්‍රධාන මාර්ගය අසළ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අලුයම සොයා ගත් බවයි.මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ දඹුල්ල පොලීසිය මගින් සිදු කරනු ලබනවා