0

මාතර,ඌරුබොක්ක මාර්ගයේදී ලොරි රථයක් පෙරළීමෙන් හය දෙනෙකුට තුවාල

අද උදැසන මාතර ඌරුබොක්ක මාර්ගයේ දම්පහළ ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.සේවකයන් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

0

බත්තරමුල්ල ප්‍රදේශයේදී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

අද උදැසන බත්තරමුල්ල නගරයට ආසන්නව මෙම අනතුර සිදුව තිබෙනවා .අප යුරිපෝටර් ශාමින්ද ප්‍රනාන්දු පැවසුවේ රිය අනතුරකට ලක් වීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවට පොලීසිය සඳහන් කළ බවයි .

0

විදුලි කණුවක් කඩා වැටීමෙන් පිටිගල, මාපලගම මාර්ගය අවහිර වූ අයුරු

පිටිගල, මාපලගම ප්‍රධාන මාර්ගයේ කුරුදුවත්ත ප්‍රදේශයේදී මාර්ගය පිළිසකර කරන අවස්ථාවක විදුලි කණුවක් කඩා වැටීමෙන් අද උදැසන කාලයේ මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු වුණා .පසුව අවහිර මාර්ගය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා .