0

කහවත්තේදී පුද්ගලික බස් රථ දෙකක් ගැටී පස් දෙනෙකුට තුවාල

අද උදැසන කහවත්ත නගරයට ආසන්නව මෙම අනතුර සිදු ව තිබෙනවා .මාර්ගයේ ධාවනය වු බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් පස් දෙනෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

අද උදැසන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියැදුරු හා කාන්තාවක් තුවාල ලබා තිබෙනවා .

0

ගාල්ල – මාපලගම මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක

ගාල්ල මාපලගම මාර්ගයේ නාගොඩ ප්‍රදේශයෙන් කොටසක් ගිලා බැසීමකට ලක් ව තිබෙනවා.ගිං ගඟ ආසන්නයේ පිහිටා ඇති මෙම මාර්ගය මේ වන විට ගිලා බැසීමේ අවදානම තිබෙන ස්ථානයේ රථ වාහන ධාවනය එක් මං තීරුවකට සීමා කර තිබෙනවා .

0

වන අලි තිරප්පනේ වගා පාළු කරයි

ඊයේ රාත්‍රී කාලයේ තිරප්පනේ ප්‍රදේශයේ නිවාස ආසන්නයට වන අලින් පැමිණ තිබෙනවා . අප යුරිපෝටර් යෙශාන් හේවගේ සඳහන් ක‍ළේ පැමිණි වන අලින් පළවා හැරීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇති අතර වගාවන්ට හානි සිදුකර තිබෙන බවයි.

0

වලපනේ හා බලංගොඩ ප්‍රදේශවල පැවති තද සුළං තත්ත්වය

දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයක් පවතින බැවින් අද උදැසන මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇති වී තිබෙනවා .

0

රියැදුරුට නින්ද ගිය මෝටර් රථයක් බසයක ගැටෙයි

අද අලුයම මාතර කතරගම මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා . මාර්ගයේ ගමන් ගත් මෝටර් රථය රියැදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර රියැදුරු තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

නුවරඑළිය ප්‍රදේශයේ දැඩි සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටෙයි,

අද උදේ 7.45ට පමණ නුවරඑළිය ප්‍රදේශය හරහා හැමූ තද සුළඟකින් මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.මෙ හේතුවෙන් මොටර් රථයකටද හානි සිදුවූ අතර කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව අප Ureporter සඳහන් කරා.

0

අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පදික මාරුවේදී පුද්ගලයෙකු ත්‍රීරෝද රථයක ගැටෙයි (CCTV දර්ශන.26.05.18)

මෙම අනතුර සිදු වී තිබෙන්නේ ඊයේ පෙරවරුවේදී .පදික මාරුව හරහා ගමන් ගත් පුද්ගලයෙකු මෙලෙස ත්‍රීරෝද රථයක ගැටී තුවාල ලබා තිබෙනවා .

0

අද අලුයම කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක ගින්නක්

අද අලුයම මෙම ගින්න ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් බැංකුවේ ඉදිරිපස කොටසට හා ATM යන්ත්‍රයට හානි සිදු වී ඇති අතර කොහුවල පොලීසිය හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මැදිහත් වීමෙන් ගින්න මැඩ පැවත්වීමට කටයුතු කර තිබෙනවා .

0

නුවරඑළිය නගරයේ මාර්ග කිහිපයක දැඩි මීදුම් තත්ත්වයක්, රිය ධාවනය ප්‍රවේශමෙන්

අප යුරිපෝටර් විජේසිරි සමරසේකර සඳහන් කළේ නානු ඔය – හැටන් මාර්ගය, නුවරඑළිය – මහනුවර මාර්ගය හා මාර්ග කිහිපයක මීදුම් තත්ත්වයක් පවතින බවයි .