0

දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට ගින්නක්

අද පස්වරු 2ට පමණ මෙම ගින්න හට ගෙන තිබෙනවා.අප යුරිපෝටර් කුමාර ඉහළගෙදර සඳහන් කළේ ගින්න මැඩපැවත්වීමට දඹුල්ල මහ නගර සභා ගිනි නිවන ඒකකය හා පොලීසිය මැදිහත් වී කටයුතු කළ බවයි.

0

මාතර, හක්මන ප්‍රධාන මාර්ගය නාඳුගල ප්‍රදේශයෙන් අවහිර වූ විරෝධතාව

අද උදැසන 10 පමණ මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ නාඳුගල ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණා.ඒ නාඳුගල අත්තුඩාව මාර්ගය පිළිසකර කර දෙන ඉල්ලා මෙලෙස විරෝධතාවේ යෙදුණු අතර අප යුරිපෝටර් සවිත්‍රා වෙදගේ පැවසුවේ මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා සිදු වූ බවයි .

0

දුම්රිය ගේට්ටුව වසා තිබියදීත් අවදානම් රිය ධාවනය

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු මෙන්ම ආරක්ෂිත ගේට්ටු සහිත මාර්ගවල නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුරු සිදු වෙනවා.අප යුරිපෝටර් කැමරාවේ සටහන් වූ මෙම දර්ශන ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රීරෝද රථයක් ධාවනය කළ අයුරු

0

මරදන්කඩවල, තෝනිගල ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් ගැටී දෙදෙනෙක් රෝහලේ

අද පස්වරු 2ට පමණ ඒ 9 මාර්ගයේ තෝනිගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා . මෝටර් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර දෙදෙනෙක් තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්‍රීරෝද රථය ප්‍රපාතයට

මෙම අනතුර අද අලුයම බලංගොඩ ප්‍රදේශයේදී සිදු ව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් ප්‍රපාතයට පෙරළීමෙන් සිදු ව ඇති අතර රථයේ සිටි 7 දෙනෙකු පමණ තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

රත්නපුර,නවනගර වටරවුමේදී බස් රථයක් යතුරුපැදියක ගැටී අයෙක් රෝහලේ

ඊයේ රාත්‍රි 10 ට පමණ රත්නපුර නව නගරයේ වට රවුම අසළදී මෙම අනතුර සිදු ව තිබෙනවා.වට රවුම අසළදී බස් රථයක් හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදු වඇති අතර යතුරපැදි කරු තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර… Continue Reading

0

මැදවච්චිය, පුනෑව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගිය බස් රථය ගසක ගැටී 19 දෙනෙකුට තුවාල

අද අළුයම කොළඹ සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු බස් රථයක් මැදවච්චිය, පූනෑව නාවික හමුදා කදවුර අසළදී මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී සිදුවු අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.අනතුරින් තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති… Continue Reading

0

රත්නපුර, පානදුර මාර්ගයේ ඉළිඹ ප්‍රදේශයේදී වාහන 4ක් අනතුරක

අද උදැසන 7ට පමණ රත්නපුර පානදුර මාර්ගයේ ඉළිඹ ප්‍රදේශයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා .අප යුරිපෝටර් ජයන්ත ධර්මප්‍රිය සඳහන් කළේ හොරණ සිට රත්නපුර දෙසට ගමන් ගත් වෑන් රථයක් පසු පසින් පැමිණි මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී වෑන් රථයේ ගැටී… Continue Reading

0

කහවත්ත පෙරහැරක අලි කුලප්පුවීමෙන් පුද්ගලයින් 31 තුවාල .

කහවත්ත ප්‍රදේශයේ පෙරහැරක අලියෙකු කුලප්පුවීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට කහවත්ත සහ රත්නපුර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය. පෙරහැරේ ගමන් කළ අලියා… Continue Reading