0

වත්තේගම දුං ඔය පාලම ආසන්නයේදී බස් රථ 3ක් අනතුරක

අද උදෑසන වත්තේගම මාතලේ ප්‍රධාන මාර්ගයේ දුං ඔය පාලම ආසන්නයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. .වත්තේගම දෙසට ගමන් ගත් බස් රථයක් හා එම මාර්ගයේ මාතලේ දෙසට ගමන් ගත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර පසු පසින්… Continue Reading

0

බේරුවල ප්‍රධාන මාර්ගය අසල ඇති ප්‍රදේශයක ගින්නක්.(29.08.18)

ඊයේ රාත්‍රී 8 පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබෙනවා. මාර්ගය අසළ ඇති කැළෑබද කොටසක මෙම ගින්න ඇති වී ඇති අතර ගින්න මැඩපැවත්වීමට ප්‍රදේශවාසීන් කටයුතු සිදු කරනු ලැබුවා

0

ඇඹිලිපිටිය, ටිඹුල්කැටියේදී ත්‍රීවීල් රථයක් හා මෝටර් රථයක් ගැටී 6 ක් රෝහලේ

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු ව තිබෙනවා.ඇඹිලිපිටිය ටිඹුල්කැටිය ප්‍රදේශයේදී  මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරෙන් හය දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා .

0

කුලියාපිටිය, නිකවැරටිය මාර්ගයේදී බස් රථයක් යතුරුපැදියක ගැටෙයි

අද උදෑසන කුලියාපිටිය නිකවැරටිය මාර්ගයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් බස් රථයක් එම මාර්ගයේම ඉදිරියෙන් ගමන් ගත් යතුරු පැදියක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදු ව තිබෙනවා .

0

රියැදුරන්ට වදයක් වු නුවරඑළිය බඹර වදය

නුවරඑළිය ලේඩි මැකලම් මාර්ගයට මීට සතියකට පමණ පෙර සිට ගසක් වැටීමෙන් මාර්ගයේ කොටසක් අවහිර වී තිබෙනවා. අප යුරිපෝටර් විජේසිරි සමරසේකර සඳහන් ක‍ළේ වැටී ඇති මෙම ගසේ බඹර වදයක් ද තිබෙන බැවින් මෙම මාර්ගයේ ගමනාගමනයේදී රියැදුරන් දැඩි අපහසුතාවයට පත් වන බවයි.

0

කහටගස්දිගිලිය, රන්පත්විල වගා ළිඳෙන් ගොඩට ආ පුංචි සද්දන්තයා

කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේ මේ දිනවල වන අලි ගැටළුව බෙහෙවින් බලපෑ තිබෙනවා.අප යුරිපෝටර් වසන්ත බණ්ඩාර සඳහන් කළේ අද උදෑසන වගා ළිඳකට වන අලියෙකු වැටී ඇති බවයි.පසුව ප්‍රදේශවාසීන් වන ජීවි ඒකකය දැන්වත් කිරීමෙන් මෙම වන අලියා ගොඩ ගැනීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

0

කුලියාපිටිය, හෙට්ටිපොළ මාර්ගයේදී යතුරුපැදි දෙකක් ගැටී අයෙක් රෝහලේ

අද උදෑසන 8.50ට පමණ කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ මූණමල්දෙනිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් ජේ.එම් තිලකරත්න සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වඇති බවයි. කුලියාපිටිය දෙසට ගමන් ගත් යතුරු පැදිකරු තුවාල… Continue Reading

0

නුගේගොඩ, කට්ටිය මංසන්ධියේදී මෝටර් රථයක් ගිනි ගනී

අද පස්වරුවේ නුගේගොඩ කට්ටිය මංසන්ධියේදී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක ගින්නක් හට ගෙන තිබෙනවා. අප යුරිපෝටර් චතුර දේශාන් සඳහන් කළේ රථයට ගින්නෙන් දැඩි හානි සිදු ව ඇති අතර කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බවයි.

0

රාගම රෝහලේ පිවිසුම් මාර්ගය අපවිත්‍ර වෙයි

ඊයේ රාත්‍රී 8ට පමණ රාගම රෝහලට පිවිසෙන මාර්ගයේ එක් ස්ථානයකින් අපජලය පිටතට ගලාගෙන ගොස් තිබෙන අතර අප යුරිපෝටර් ජනක දේශප්‍රිය සඳහන් කළේ ඒ අවට දැඩි දුර්ගන්ධයක් පැවති බවයි.අද උදැසන එම මාර්ගය යළි යථා තත්ත්වයට පත් ව තිබුණා .

0

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ සද්දන්තයෙකු ලොරියක ගැටෙයි

ඊයේ රාත්‍රී 8ට පමණ පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් මංජුල කුමාර සඳහන් කළේ මඩකලපුව සිට පොළාන්නරුව දෙසට ධාවනය කරමින් තිබූ ලොරි රථයකට වන අලියෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි. අනතුරෙන් රියැදුරු සහායක සුළු… Continue Reading