0

තවලම්තැන්නේදී වෑන් රථයක් ප්‍රපාතයට

අද උදෑසන මහනුවර – නුවරඑළිය මාර්ගයේ තවලම්තැන්න ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු වුණා. මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා .අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදු වී නොමැත

0

මාර්ගයෙන් ඉවතට ගිය ත්‍රීරෝද රථය

අද උදෑසන කුලියාපිටිය පන්නල මාර්ගයේ මෙම අනතුර සිදු වුණා.මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඉදිරයෙන් ගමන් ගත් වෙනත් රථයකට ඉඩ දීමට යාමේදී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා. අනතුරින් රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

0

වේගය පාලනය නොවීමෙන් මෝටර් රථය කාණුවට

ඊයේ රාත්‍රී නුවරඑළිය නගරයට ආසන්නව මෙම අනතුර සිදු ව තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසළ ඇති කාණුවකට වැටීමෙන් මෙම අනතුර සිදු තිබෙනවා.

0

දක්ෂිණ අධිවේගයේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට

අද අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 98 වන කිලෝ මීටර් කණූව අසළදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ආරක්ෂිත වැටටද හානි සිදු ව තිබෙනවා.

0

යතුරුපැදිකරුට බරපතළ අනතුරක් එක් කළ රිය ධාවනය

පසුගිය 23 වැනි දින කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේ පිහිටි මංසන්දියකදි නවතා සිටි යතුරු පැදිකරුවෙකු යට කරමින් වෑන් රථයක් ධාවනය කර තිබෙනවා.මෙම අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල මේ වන විට කොළඹ ජාතික රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

0

උඩුදුම්බරදී බස් රථයක් හා වෑන් රථයක් ගැටෙයි

අද උදෑසන මහනුවර අම්පාර ප්‍රධාන මාර්ගයේ උඩුදුම්බර ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අම්පාර දෙසට ගමන් ගත් බස් රථයක් හා නුවර දෙසට ගමන් ගත් වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් එම් ෂියාස් සඳහන් කළේ… Continue Reading

0

කුලියාපිටියේදී වාහන 4ක් අනතුරක

මෙම අනතුර ඊයේ රාත්‍රී කුලියාපිටිය ඉන්ධන පිරවුම්හල අසළ දී සිදු ව තිබෙනවා. අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් එම් හසාන් සඳහන් කළේ ඉන්ධන පිරවුම් හල දෙසට හැරවීමට උත්සාහ කළ බස් රථයක මාර්ගයේ ගමන් ගත් තවත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව… Continue Reading

0

ජල පහරකට හසු වී අතුරුදන් වූ දැරියගේ සිරුර හමුවෙයි.

ඊයේ පස්වරුවේ බලංගොඩ රාස්සගල ප්‍රදේශයේ සපත්තු පාලමක් හරහා එතෙරවීමට ගොස් ජල පහරකට හසු වී අතුරුදන් වූ දැරියගේ සිරුර අද උදෑසන සොයාගත්තා. ඒ රාස්සගල හුළුඔය හතේ කණුව ප්‍රදේශයේ තිබියදියි. සැඩ පහරට හසුව අතුරුදන් වූයේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව අප… Continue Reading

0

යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී අයෙකු රෝහලේ

අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු ව තිබෙනවා.අප යුරිපෝටර් මල්කාන් මධුපැතුම් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් හා මොටර් රථයක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි.අනතුරින් යතුරු පැදිකරු තුවාල ලබා රඹෑව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර… Continue Reading

0

දුම්රියේ ගැටුණු මෝටර් රථය

ඊයේ දහවල් මෙම අනතුර සිදු ව තිබෙනවා. යාපනය, කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව අප නිව්ස් ෆස්ට් යුරිපෝටර් එන්.කවීවර්මන් සඳහන් කළා. යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ… Continue Reading