0

මතුගම, අලුත්ගම මාර්ගයේදී වෑන් රථයක් විදුලි රැහැන් කණුවක ගැටෙයි

අද උදෑසන 11ට පමණ මතුගම අලුත්ගම මාර්ගයේ දර්ගා නගරයට ආසන්නයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා.යුරිපෝටර් මොහොමඩ් ෆායිස් සඳහන් කළේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අසළ තිබූ විදුලි රැහැන් කණුවක ගැටී ඇති බවයි.

0

කුඩා ලොරි රථය මාර්ගයෙන් ඉවතට

අද අලුයම 4ට පමණ හලාවත කොළඹ මාර්ගයේ හලාවත මැරවල ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් ධර්ම වික්‍රම හේරත් සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදු ව ඇති බවයි.

0

හබරණ කන්තලේ මාර්ගය ආසන්නයේ ගින්නක්

ඊයේ පස්වරු 5ට පමණ හබරණ කන්තලේ මාර්ගයේ යකා වංගුව ප්‍රදේශයේ මාර්ගය ආසන්නයට වන්නට කැලෑ බද ස්ථානයක ගින්නක් ඇතිව තිබෙනවා .පසුව හබරණ අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවත්වීමට කටයුතු සිදු කළා.