0

මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට

කැකිරාව, ඉහළපුලියංකුලම මරදංකඩවල ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගියදා කල්මුණේ නිවසේ සිදුවූ පිපිරීමෙන් මියගිය සැකකරුවන් එම වෑන් රථයෙන් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. 250 /5680 දරණ අංකය යටතේ ලියාපදිංචි… Continue Reading

0

ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ෆොනි සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව පළාත්වල හා… Continue Reading

0

A5 මාර්ගයේ පස්සර 5 කණුව ප්‍රදේශයේදී ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට.

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පස්සර 5 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.ගිලන් රථයක් වේගය පාලනය කර නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව තිබෙන අතර දෙදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට අතුලත් කර තිබෙනවා.

0

පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

පූගොඩ ප්‍රදේශයේ හිස් ඉඩමක කිසියම් පිපිරීමක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඉන් කිසිදු හානියක් සිදු වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

0

වැල්ලවත්තේ දී ආරක්ෂක අංශ උපක්‍රමික පිපිරීමක් සිදුකරයි..

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.

0

රජයේ සියලුම පාසල් ලබන 29 වැනිදා යලි විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය කියයි

දෙවන පාසල් වාරය පසුගිය සඳුදා විවෘත කිරීමට නියමිතව තිබුණ ද රට තුළ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් දින දෙකක් පාසල් වසා තැබිණ. එහෙත් අද යළි නිවේදනය කරනු ලැබුවේ, දෙවන වාරය සඳහා පාසල් යළි විවෘත කිරීම ලබන 29 දක්වා කල් යන බවයි.

0

ගාල්ල, නෙළුව මාවිට නැගෙනහිර තිබ්බටුකන්ද ප්‍රදේශයේ ගින්නක්

අද පෙරවරුවේ නෙළුව මාවිට නැගෙනහිර තිබ්බටුකන්ද ප්‍රදේශයේ ගින්නක් ඇතිව තිබෙනවා.අප යුරිපෝටර් චරිත් රන්දික සඳහන් කළේ දහවල් කාලයේ ගින්න මැඩපැවත්වීම සඳහා හෙලිකොප්ටර් යානයක් මගින් ජලය යෙදු බවයි

0

මහනුවර, තලාතුඔය මාර්ගයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවක

අද උදෑසන මහනුවර තලාතුඔය මාර්ගයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවක යෙදී සිටියා. ඒ කැටවල ලෙවුල ප්‍රදේශයට පානීය ජලය නිසි පරිදි ලැබෙන්නේ නැති බව පවසමින් මෙලෙස විරෝධතාවක නිරත වුණා.විරෝධතා කරුවන් පවසන්නේ මීට පෙර වියළි කාළගුණය පැවති කාලයේදී නල ජලය නිසි පරිදි ලැබුණු බවයි

0

කැබ් රථය ගසක ගැටී අයෙක් රෝහලේ

අද උදෑසන කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් රියැදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.