0

පිටිගලදී ත්‍රීරෝද රථයක් පෙරළී කාන්තාවක් මරුට

අප යුරිපෝටර් චන්දන සමන් කුමාර සඳහන් කළේ ඊයේ උදෑසන මෙම අනතුර සිදු ව ඇති බවයි.පිටිගල – කැටපොල මාර්ගයේ දෙල්පෝන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර රථයේ ගමන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

0

මැදවච්චිය ළිදවැව ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලි මරැට..

ඊයේ උදැසන මැදවච්චිය ළිදවැව ප්‍රදේශයේ ගල් වලක දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා එම පුද්ගලයාගේ මළ සිරුර අද උදැසන ප්‍රදේශවාසීන්ට දැක පොලිසියට දැනුවත් කිරිමෙන් පසුව සොයාගත්තා. මෙ පිලිබද වැඩි දුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය විසින් සිදුකරයි.

0

දඹුල්ල කණ්ඩලම ප්‍රදාන මාර්ගයේදී ජල කාන්දුවක්

දඹුල්ල කණ්ඩලම ප්‍රදාන මාර්ගයේ 1 කණුවේදී ජල කාන්දුවක් ඇතිව තිබේනවා.අප ureporter සදහන් කර සිටියේ ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම ජල කාන්දුව ඇතීවූ බවයි.ජල සම්පාදනයට දැනුවත් කරද තවමත් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද කියා සිටියා

0

බස් රථයක් හා ලොරි රථයක් ගැටී 20ක් තුවාල

අප ureporter සදහන්කරේ අද උදෑසන ඇල්පිට්ය පිටුවල මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි. බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේනවා . බස් රථයේ හා ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා තිබේන අතර බස් රථයේ ගමන්… Continue Reading

0

තලාව ගුරුගම ප්‍රදේශයේදී වගා ළිඳට වැටුණු වන අලියා ගොඩට ගනී

ඊයේ පස්වරුවේ තලාව ගුරුගම ප්‍රදේශයේ වගා ළිඳකට වන අලියෙකු වැටී තිබෙනවා.පසුව ප්‍රදේශවාසීන් මේ පිළිබඳ ගලයාය 419 වන ජීවි ඒකකය දැනුවත් කර ඇති අතර බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර වන අලියා ගොඩට ගෙන තිබෙනවා.

0

කහවත්ත ඇන්දාන මාර්ගයට ගසක අත්තක් කඩා වැටී ගමනාගමනයට බාධා

අද උදෑසන 6.30 පමණ කහවත්ත ඇන්දාන මාර්ගයේ නාවලකන්ද ප්‍රදේශයේදී මාර්ගයට ගසක අත්තක් කඩා වැටී ගමනාගමනයට බාධා සිදු ව තිබෙනවා. අප යුරිපෝටර් ඉසුරු සංජීව සඳහන් කළේ මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කළ බවයි.